නර්තනය ‐ 11 ශ්‍රේණිය
නිපුනතාව - 2.0 නර්තනය හා සබැඳි මූලධර්ම අනුගමනය කරමින් ප‍්‍රායෝගික කුසලතා ප‍්‍රදර්ශනය කරයි.
නිපුනතා මට්ටම - 2.4 රස හා භාව විස්තර කරයි.
රසභාව සංකල්ප
රංග කලාව සම්බන්ධයෙන් ලියැවුණු ප‍්‍රථම සංස්කෘත ග‍්‍රන්ථය වන නාට්‍ය ශාස්ත‍්‍රය කෘතියේ දී භරත මුනිවරයා විසින් රසභාව සංකල්පය පිළිබඳව පළමුව අදහස් ඉදිරිපත් කර ඇත. එහි දී භරත මුනිවරයා විසින් පළමුව රස අටක් දක්වා ඇති අතර පසුව ශාන්ත රස ය එක්වීමෙන් එය රස නවයක් බවට පත් වී ඇත.
භරත මුනිවරයාට අමතරව නන්දිකේෂ්වර පඬිවරයා විසින් ද එතුමන් විසින් රචනා කරනු ලැබූ අභිනය දර්පණය කෘතියේ දී ද රසභාව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.
රස යනු ?
‘‘යමක් ආස්වාදය කරනු ලබන්නේ ද එය රස නම්’’ ‐ භරතමුණි
රසභාව සංකල්ප පිළිබඳව හැදෑරීමේ දි පළමුව රස යනු කුමක් ද පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්වේ. රස යන යෙදුම සංස්කෘත භාෂාවෙහි එන අතිශය සරල මෙන්ම ව්‍යාකූල වචනයක් බව විද්වතුන් විසින් දක්වා තිබේ. මන්දයත් ‘‘රස’’ යන්නෙන් විවිධාකාර ගැඹුරු අර්ථ උපදනවාක් මෙන්ම එහි සරල අර්ථය ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීමේ හැකියාව පවතින බැවිනි.
ප‍්‍රණීත අහාරයකින් දිවට දැනෙන දෙයත්
සුන්දර සාහිත්‍ය නිර්මාණයක් කියවීමෙන් පාඨකයා ලබන ආනන්දජනක වින්දනයත්
නර්තනයක් හෝ නාට්‍යයයක් නැරඹීමෙන් ලබන වින්දනයත්
යන මේ සියල්ල රස යන යෙදුමෙන් අර්ථවත් වේ.
ස්ථායිභාව
රස ජනනය වීම සඳහා මුල් වන ස්ථායිභාවයන් පිළිබඳව ද භරතමුනිවරයා නාට්‍ය ශාස්ත‍්‍රය කෘතියේ දී අවධානය යොමු කර තිබේ. මෙහි දී ස්ථායිභාව යනු මනුෂ්‍ය වර්ගයාට උපතින්ම නැතහොත් සහජයෙන් ම හිමි වන්නකි.
එනම් අප එදිනෙදා ජීවිතයේ දී දකින අසන දෑ, මුහුණ දීමට සිදු වන විවිධ සිදුවීම්, යම් කලා කෘතියක අන්තර්ගතය ආදී දේ හේතුවෙන් අප සිත තුළ පළමුවෙන් ඇති වන්නේ භාවයන්ය. මෙම ස්ථායිභාවයන් අවස්ථානුරූපිව මෙන්ම පුද්ගලානුරූපීව වෙනස් වෙනස් වෙමින් අප තුළ රසයන් උපදී. ඒ අනුව රස සංකල්පයේ කේන්ද්‍රය වන්නේ ස්ථායිභාවයන් ය.
| ස්ථායිභාවය | රසය |
|
රති |
ශෘගාරය |
|
හාස |
හාස්‍ය |
|
ශෝක |
කරුණා |
|
ක්‍රෝධ |
රෞද්‍ර |
|
උත්සාහ |
වීර |
|
භය |
භයානක |
|
ජුගුප්සා |
භිබත්ස්‍ය |
|
විස්ම |
අද්භූත |
|
ශාන්ත (ශම) |
ශාන්ත |










Post a Comment