දේශිය නර්තන සම්ප්‍රදායයන් හදුනාගනිමු - 3 කොටස - සබරගමු නර්තන සම්ප්‍රදායය.



නිපුනතාව 3.3 දේශීය නර්තන සම්ප්‍රදායයන්ගේ සංස්කෘතික පසුබිම විස්තර කරයි.

-----------------------------------------------------------------------------------------------------------------------------

සබරගමු නර්තන සම්ප්‍රදායය

    උඩරට හා පහතරg සම්ප්‍රදායය තරමට ප්‍රචලිත නොවුණු අලංකාර නර්තන සම්ප්‍රදායක් ලෙස සබරගමු නර්තන සම්ප්‍රදාය හැඳින්විය හැකිවේ. සබරගමු නර්තන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන්ම මාත්‍රා 05ක් මුල් කරගෙන නිර්මාණය වී ඇති බව විද්වතුන්ගේ මතයයි.  එම මාත්‍රා 05 වන්නේ

  1. යාදිනි මාත්‍රය
  2. සිංදු මාත්‍රය
  3. ගමන් මාත්‍රය
  4. යක් පද මාත්‍රය 
  5. නාඩගම් මාත්‍රයයි

ප්‍රචලිත ප්‍රදේශ

 සබරගමුව නමින් හදුන්වනු ලබන ප්‍රදේශයේ ප්‍රචලිත නර්තන සම්ප්‍රදායය වන්නේ සබරගමු නර්තන සම්ප්‍රදායයි. විශේෂයෙන්ම රත්නපුර මහ සමන් දේවාලය මුල් කරගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රත්නපුර, කුරුවිට, කලවාන, පැල්මුඩුල්ල, බලන්ගොඩ, ඇහැලියගොඩ, කොලොන්න ආදී ප්‍රදේශයන් හි මෙම නර්තක සම්ප්‍රදායය ප්‍රචලිතව පවතී.







ප්‍රධාන වාද්‍ය භාණ්ඩය

    මෙම සම්ප්‍රදායේ ප්‍රධානතම වාද්‍ය භාණ්ඩය වන්නේ දවුලයි. ඉතා පැරණි ඉතිහාසයකට මෙම වාද්‍ය භාණ්ඩය නෑකම් කියයි. එනම් ශ්‍රි ලංකාවේ වැදි ජනතාවගේ භාවිතයේ ද දවුලට සමාන වාද්‍ය භාණ්ඩයක් දක්නට ලැබේ. හේවිසි තේවා වාදනයේ දී අත්‍යාවශ්‍ය වාදන භාණ්ඩයක් වන දවුල අතීතයේ දී සන්නිවේදන කාර්යය සඳහා ද භාවිතා කොට ඇත.

ප්‍රධාන ඇඳුම් කට්ටලය.



    සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය පබලු ඇඳුම් කට්ටලය වේ. මෙය සමන් දෙවියන්ගේ ඇඳුමට සමාන බවට විශ්වාසයේ පවතියි. රතු සහ සුදු වර්ණ මූලික කර ගනිමින් පබ`ඵ වලින් අලංකාර ලෙස මෙම ඇඳුම් කට්ටලය නිර්මාණය කොට ඇත.

    මීට අමතරව ශාන්තිකර්ම වලදී තෙල්මෙ ඇඳුම් කට්ටලය, දෙවොල් ඇඳුම් කට්ටලය, තනි කච්චි ඇඳුම් කට්ටලය යන රංග වස්ත්‍රද සබරගමු නර්තන සම්ප්‍රදායේ දී භාවිතා කරනු ලබයි.

ප්‍රධාන ශාන්තිකර්මය.



    සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වන්නේ පහන් මඩුවයි. මෙහි උපත් කථාවද පහතරට දෙවොල් මඩු ශාන්තිකර්මයෙහි උපත් කතාවමය. මෙම ශාන්තිකර්ම දෙකද බොහෝ සෙයින් සමාන ලක්ෂණ පෙන්නුම් කරන අතර ඒ ඒ නර්තන සම්ප්‍රදායන්ට අනුව යම් යම් වෙනස්කම් සහිතව පැවතඑයි.

සබරගමු නර්තන සම්ප්‍රදායයට අයත් නර්තන අංග කිහිපයක්.
දේව කෝල් පාඩුව, මුදුන් තාලය, යහන් දැක්ම, හත් පද පෙළපාලිය, මල් පද, පන්දම් පද

සැකසුම - දිනේෂ් ජයසිංහ.

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න

ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

https://onlinenatumpanthiya.blogspot.com



Post a Comment

Previous Post Next Post