ශාරිරික නම්‍යතාව සදහා නම්‍යතා අභ්‍යාස .

 2. නර්තන හා සබැදි මූලධර්ම අනුගමනය කරමින් ප්‍රායෝගික කුසලතා ප්‍රදර්ශනය කරයි.

--------------------------------------------------------------------------------------------------------------------------------

2.1  ශාරිරික නම්‍යතාව සදහා නම්‍යතා අභ්‍යාස ඉදිරිපත් කරයි.



    පුද්ගල සිරුරේ නම්‍යශීලි බව ඇති කර ගැනීමට කරනු ලබන අභ්‍යාස නම්‍යතා අභ්‍යාස ලෙස හදුන්වයි. පුද්ගලයෙකුට තම ශරීරය නිසි ලෙස පවත්වාගෙන යාම සදහා ශාරිරික අභ්‍යාස ඉතාමත්ම වැදගත් වේ.

            නර්තනයට උචිත ආකාරයට ශරීරය හැඩගස්වා ගැනීම ස‍දහා නර්තනය හැදෑරීම ආරම්භයේදීම නම්‍යතා අභ්‍යාස පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වේ. නිසි ආකාරයෙන් මෙන්ම පහසුවෙන් නර්තනය සිදු කිරීම සදහා සිරුර නිසි ලෙස හසුරුවා ගැනීමට ඇති හැකියාව ඉතාමත්ම වැදගත් වේ. මන්දයත් නර්තනයේ දී අංග, ප්‍රත්‍යාංග හා උපාංග වශයෙන් ශරීරයේ සියලු කොටස් විවිධාකාරයෙන් චලනය කරමින් යොදා ගැනීමට අපට සිදු වේ.

                                     👉අංග -හිස, කද, අත්, පාද 

                                     👉ප්‍රත්‍යාංග - බෙල්ල, උරහිස, වැලමිටි, දණහිස්

            👉උපාංග - ඇස්, ඇහි බැම, කම්මුල්, තොල්, නළල, නාසය


නර්තනයේ දී ඉතාමත්ම වැදගත් වන,

                                                සමබරතාව

                                                සැහැල්ලුව

                                                දරා ගැනීම

                                                ඉරියව් පෑම

    ආදී ක්‍රියාකාරකම් නිවරැදිව සිදු කිරීමට නම්‍යතා අභ්‍යාස ඉතාමත්ම වැදගත් වේ. එමෙන්ම විවිධ නර්තන සම්ප්‍රදායයන්ට අයත් වන්නාවූ හැඩතල නිවරැදි ලෙස ඉදිරිපත් කිරීම සදහා ද නම්‍යතා අභ්‍යාස නිවරැදි ලෙස කිරීම උපයෝගී වේ.

නම්‍යතා අභ්‍යාස සිදු කරන චලන, වර්ග දෙකක් යටතේ හදුනා ගත හැකිය. එනම්,

                                            👉ස්ථිතික චලන

                                            👉සංචාරි චලන

 

ස්ථිතික චලන                                

  1. එක තැන උඩ පැනීම
  2. එක තැන ඇවිදීම
  3. මුහුණ කැරකැවීම
  4. ඉණ කැරකැවීම
  5. ශරීරය හැකිලීම
  6. අත් කැරකැවීම

 

සංචාරි චලන

  1. නිදහසේ ඇවිදීම
  2. පනිමින් යාම
  3. දිවීම
  4. පෙරලීම
  5. බඩගෑම         

 

    නර්තනයට උචිත අයුරින් ශරීරය හැඩ ගස්වා ගැනීම සදහා නම්‍යතා අභ්‍යාස සිදු කිරීමේ දී බෙර පදයක්, සංගීත ඛණ්ඩයක් භාවිතා කර එහි තාලය අනුව සිදු කිරීමෙන් වඩාත් ප්‍රතිඵලදායක වේ.



නම්‍යතා අභ්‍යාස කිරීමේ වැදගත්කම.

1.     👊      නර්තනයට අවශ්‍ය ඉරියව් (හැඩතල) නිවරැදි කර ගැනීම.

2.     👊      යහපත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී පුද්ගලයෙකු වීම.

3.     👊     ප්‍රිතිමත්ව නම්‍යතා අභ්‍යාස වල යෙදීමෙන් මානසික සුවයක් ලැබීම.

4.     👊      ශාරීරික ප්‍රසන්න බව ඇති වීම.

5.     👊      නර්තනය සදහා උචිත කායිකවර්ධනය ඇති වීම.

6.     👊      කණ්ඩායම් හැගීමෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වීම.

7.     👊     අභියෝග වලට මුහුණ දීම හා දරා ගැනීමේ හැකියාව ඇති වීම.

8.    👊      ඉවසීම ප්‍රගුණ වීම.


 සැකසුම - දිනේෂ් ජයසිංහ.

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න

ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

Post a Comment

Previous Post Next Post