නිපුණතාව
- 3.3
දේශිය නර්තන සම්ප්‍රදායන්ගේ සංස්කෘතික පසුබිම විස්තර කරයි
--------------------------------------------------------------------------------------------------------------
පහතරට නර්තන සම්ප‍්‍රදායය.
අප රටේ ඇති නර්තන සම්ප‍්‍රදායයන් අතර විචිත‍්‍රවත්ම නර්තන සම්ප‍්‍රදායයක් ලෙස පහතරට නර්තන සම්ප‍්‍රදායය හැඳින්විය හැකි වේ. එයට ප‍්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ එකිනෙකට වෙනස් ප‍්‍රධාන ශාන්තිකර්ම කිහිපයක් මෙන්ම ඒවාට අයත් එකිනෙට වෙනස් විචිත‍්‍රවත් රංග වස්ත‍්‍රාභරණ පැවතීමයි.
අප රටේ ඇති නර්තන සම්ප‍්‍රදායයන් අතර විචිත‍්‍රවත්ම නර්තන සම්ප‍්‍රදායයක් ලෙස පහතරට නර්තන සම්ප‍්‍රදායය හැඳින්විය හැකි වේ. එයට ප‍්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ එකිනෙකට වෙනස් ප‍්‍රධාන ශාන්තිකර්ම කිහිපයක් මෙන්ම ඒවාට අයත් එකිනෙට වෙනස් විචිත‍්‍රවත් රංග වස්ත‍්‍රාභරණ පැවතීමයි.
ප‍්‍රචලිත ප‍්‍රදේශ
ලංකාවේ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශ ලෙස සැලකෙන ගාල්ල, මාතර, හම්බන්තොට හා බස්නාහිර පළාතේ බෙන්තර, කලුතර, කොළඹ, ගම්පහ යන ප‍්‍රදේශ වල ප‍්‍රධාන වශයෙන් පහතරට නර්තන සදම්ප‍්‍රදායය ප‍්‍රචලිත වී ඇත.
පහතරට නර්තන සම්ප‍්‍රදායේ ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් නම් ප‍්‍රචලිත ප‍්‍රදේශ අනුව තවත් අනු සම්ප‍්‍රදායයන් ති‍්‍රත්වයකට බෙදා දැක්විය හැකි වීමයි.
- මාතර
- බෙන්තර
- රයිගම එම අනු සම්ප‍්‍රදායයන් වේ.
මෙම අනු සම්ප්‍රදායන්හි හැඩතල, ගායන්වන්හි නාද මාලා, රංග වස්ත්‍රාභරණ ආදියෙහි යම් යම් වෙනස්කම් දක්නට ලැබේ.
ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය.
මෙම නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට බෙරයයි. පහතරට බෙරය සකස් කිරීම සඳහා පොල්, කිතුල්, ඇහැළ, කොහොඹ, කොස් වැනි ශක්තිමත් අරටු සහිත ශක්තිමත් ශාක වල කඳන් යොදා ගනියි.
පහතරට බෙරයේ දිග ප‍්‍රමාණය තුන් වියත් තුන`ගුලකි. බෙර මුහුණතෙහි විෂ්කම්භය අගල් 9 ක් හෝ 10 පමණ වේ.
පහතරට බෙරෙයේ බෙර ඇස් සඳහා යොදා ගනු ලබන්නේ හරක් බොක්කේ සිවිය කොටසයි. එහිදි හයි තට්ටුව (බෙරයේ වම් ඇස) සඳහා තරමක් ගනකමින් වැඩි සිවියක්ද සුරල් තට්ටුව (බෙරයේ දකුණු ඇස) සඳහා ගනකමින් අඩු තට්ටුවක්ද යොදා ගනු ලබයි.
හැක්ම හා වෙනිවර පටි සඳහා හරක් හම් යොදා ගනියි. වරපටි අ`ගල් 1/4 (කාලක) පමණ සිහින් ලෙස සකස් කරයි.
බෙරය හේතුන් කිහිපයක් නිසා නම් කිහිපයකින් හඳුන්වයි.
- දිග් බෙරය - බැලූ බැල්මට දිගැටි හැඩයකින් යුක්ත වන නිසා.
- යක් බෙරය - යක් තොවිල් වලදී වාදනය සඳහා යොදා ගනු ලබන නිසා.
- ඝෝෂක බෙරය - මුහුදේ ඝෝෂාවට සමාන හඩකින් යුක්ත වන නිසා.
- රුහුණු බෙරය - රුහුණු ප‍්‍රදේශයේ බහුලව ප‍්‍රචලිත නිසා.
- කිඳුරු බෙරය - සඳකිදුරු නාටකය ඇසුරෙන් නිර්මාණය කර ගෙන තිබු කිඳුරු නැටීම සඳහා යොදා ගැනෙන නිසා
- දෙවොල් බෙරය - පහතරට නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ශාන්තිකර්මය වන දෙවොල් මඩු ශාන්තිකර්මයේ දී වාදනය කරනු ලබන නිසා.
ප‍්‍රධාන රංග වස්ත‍්‍රාභරණ කට්ටලය.
මෙම සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ඇඳුම් කට්ටලය වන්නේ තෙල්මේ ඇඳුමයි, ඊට අමතරව එක් එක් අවස්ථාවන්හි භාවිතා කිරීම සඳහා ඇඳුම් කට්ටල කිහිපයක් භාවිතා කිරීම පහතරට නර්තන සම්ප‍්‍රදායෙහි දැකිය හැකි ලක්ෂණයකි.
දොවොල් ඇඳුම, පත්තිනි ඇඳුම, වඩිග පටුන ඇඳුම ඇඳුම, මෙන්ම ශාන්තිකර්මවලදී භාවිතා කරනු ලබන යක්ෂ ඇඳුම් පැළඳුම් ආදිය පහතරට නර්තන සම්ප‍්‍රදායයේ දක්නට ඇත.
ප‍්‍රධාන ශාන්තිකර්මය.
පහතරට නර්තන සම්ප‍්‍රදායේ ප‍්‍රධාන ශාන්තිකර්මය වන්නේ දෙවොල් මඩුව ශාන්තිකර්මයයි. මෙය පළමුවෙන්ම පවත්වා ඇත්තේ දඹදිව සේරමානන් නමැති රජුට ඇතිවූ හිසේ රුදාවක් සුවපත් කිරීම සඳහාය. රජුට රාත්‍රි කාලයේ රූමත් කාන්තාවක් සිහිනයෙන් පෙනුනු අතර ඒ පිළිබඳන නැකත් කරුවන්ගෙන් විමසූ අවස්ථාවේදී බුදු දහම ස්ථාපිතව ඇති රටකට ගොස් පත්තිනි දේවිය උදෙසා පූජාකර්මයක් කරන ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ අවස්ථාවෙ රුවැන්වැල්ල ප‍්‍රදේශයේ දී එම පූජාව සිදු කළ අතර පහතරට ප‍්‍රදේශ වල දෙවොල් මඩුව ලෙස මෙම ශාන්තිකර්මය ප‍්‍රචලිත විය.
වෙනත් ශාන්තිකර්ම
18 සන්නිය, රට යකුම හෙවත් රිද්දියාගය, ගම්මඩුව, සූනියම් යාගය, පහතරට බලි ශාන්තිකර්ම.
ශාස්ත්‍රිය නර්තන අංග
දෙවොල් නැටුම, වඩිග පටුන, තෙල්මෙ නැටුම, ගිරි දේවි නැටුම, පත්තිනි නැටුම, තොරණ් යාගය, ගුරු`ඵ රාක්ෂ, නාග රාක්ෂ, ස`ඵ පාලිය.
සැකසුම - දිනේෂ් ජයසිංහ.
----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න
ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.



.jpeg)
.jpeg)
Post a Comment