මහ සමන් දේවාල පෙරහැර - 6 ශ්‍රේණිය

    


 ශ්‍රි සුමන සමන් දෙවියන් උදෙසා දඹදෙණි යුගයේ දෙවන පැරකුම් රජුගේ අණින් ආර්යකාමදේව නම් අමාත්‍යවරයා විසින් සමන් දෙවොල ඉදිකර ඇති බව කියැවේ. සමන් දෙවොල මුල් කරගනිමින් පවත්වනු ලබන ‘‘සමන් දේවාල පෙරහැර‘‘ දෙස් විදෙස් ජනී ජනයාගේ ආකාර්ෂණය දිනා ගත් සංස්කෘතික හා ආගමික වශයෙන් මහත් වටිනාකම් ඇති අවස්ථාවක් ලෙස දැක්විය හැකි වේ.

පෘතුගිසී සමයේදී මෙම දෙවොල විනාශ කළ අතර නැවත වරක් දෙවන රාජසිංහ රජ සමයේදී සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කරන ලදි. එලෙස විවිධ අභියෝග මැද වුවද පුද පූජාවන් සිදු කරමින් විරාජමානව සමන් දෙවොල අදට ජනතා භක්ත්‍යාදරයට පාත්‍ර වේ. මෙම පෙරහැර 2025 වර්ෂයේ දී පවත්වනු ලැබුයේ 800 වැනි වරටය.



සමන් දේවාලය හා බැඳි චාරිත්‍ර

 

මෙම චාරිත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් 03 කට බෙදා දැක් වේ.

ü  දිනපතා පවත්වන චාරිත්‍ර

ü  වාර්ෂිකව පවත්වන චාරිත්‍ර

ü  සතිපතා පවත්වන චාරිත්‍ර

 

දිනපතා පවත්වන චාරිත්‍ර

ü  අලුයම් ධූරයේ තේවාව

ü  බොල පැන් තේවාව

ü  හිල්ම තේවාව

ü  හැන්දෑඳුරයේ තේවාව

ü  මහ තේවාව (දහවල්)

ü  මහ තේවාව (රාත්‍රී කාලය)

සතිපතා පවත්වන චාරිත්‍ර

ü  බදාදා හා සෙනසුරාදා පවත්වන පූජා

 

වාර්ෂිකව පවත්වන චාරිත්‍ර

ü  අලුත් සහල් මංගල්‍යය

ü  ඉල්මහ කාර්තික උත්සවය

ü  අලුත් අවුරුදු උත්සවය

ü  ඇසල පෙරහැර උත්සවය

සමන් දේවාල පෙරහැර හා බැඳි නර්තන වාදන අවස්ථා.

    පෙරහැර පැවැත්වීම සඳහා නැකැත් සකස් කිරීම, කප් සිටුවීම, නානුමුර මංගල්‍යය වැනි මූලික චාරිත්‍ර පළමුවෙන් සිදු කරනු ලැබේ.

පිරිත් සජ්ඣායනා කිරීමෙන් පෙරහැර චාරිත්‍ර ආරම්භ කරනු ලැබේ. ඉන් පසු ව පෙරහැරට සම්බන්ධ වන සියලු දෙනා ම නර්තන ශිල්පීන් හා පෙළගැසී පෙරහැරට සූදානම් වෙති. පෙරහැර පිටත් වීම සඳහා අණදෙන වෙඩිල්ල පත්තු කරයි.

පෙරහැරේ මුලින් ම ගමන් කරන්නෝ කසකරුවෝ හා ගිනිබෝලකරුවෝ ය. ඉන් පසු පුරාණ චාරිත්‍රයක් වූ මහබඹා රැගෙන යෑම (මහබඹා කෝලම) වර්තමානයේ ද දැකගත හැකි ය. මෙය සමන් දේවාල පෙරහැරේ දක්නට ලැබෙන විශේෂ ම අංගයකි. මහබඹා කෝලම පෙරහැරේ මුලින් ම ගමන් කරවීමෙන්, සිදු වන සියලු විපත් දුරු වන බවට විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැඟී ඇත.

පෙරමුණේ රාල හා හේවිසි වාදකයෝ, නර්තන ශිල්පීහු, අලි ඇතුන් සහිත දළදා කරඬුව රැගත් හස්ති රාජයා ඊට පිටුපසින් ගමන් කරති.

ඉන් පසු පත්තිනි පෙරහැරේ කාන්තාවෝ සුදු වස්ත්‍ර ඇඳ දෝලාව අසලින් ගමන් කරති.

සමන් දෙවි පෙරහැරේ සමන් දේව ආභරණ, දෝලාව හා කුමාර රථය ආදිය රැගෙන යනු ලැබේ. එය බිසෝ පෙරහැර, කුමාර පෙරහැර, සමන් දෙව් රජ පෙරහැර යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙහි දී ද හේවිසි වාදකයෝ සහ සබරගමු නර්තන ශිල්පීහු සහභාගි වෙති.

මෙසේ හේවිසි වාදන කණ්ඩායම් පෙරටු ව සබරගමු නර්තන ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නර්තන කණ්ඩායම් ද සමන් දේවාල පෙරහැරට සහභාගි වන අතර, උඩරට වෙස් නැටුම්, පන්තේරු හා උඩැක්කි නර්තන කණ්ඩායම් මෙන්මම විවිධ ජන නැටුම් ආදිය ද දැක ගත හැකිය. එසේම, පහතරට තෙල්මෙ, දෙවොල්, වඩිග පටුන ආදි නර්තන දැකගත හැකිය.

සමන් දේවාල පෙරහැරේ තවත් සුවිශේෂි අංගයක් ලෙස දිග්ගෙයි නර්තනය හැදින්විය හැකිවේ. මෙය කාන්තාවන් විසින් ඉදිරිපත් කරනු ලබන ලාස්‍ය ලක්ෂණ වලින් යුතු නර්තන අංගයක් වන අතර මෙම නර්තනය සිදු කළ කාන්තාවන් මාණික්‍ය මහගෙලා නමින් හදුන්වා ඇත. විශේෂයෙන් පෙරහැර අවසානයේ නිල ඇඳුමින් සැරසුණු නිලධාරි මණ්ඩලය ගමන් කිරීම පුරාණයේ සිට පැවත එන සිරිතකි.


නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.

01. මහ සමන් දේවාලයේ පුද ලබන දෙවියන් වන්නේ,

1. විභීෂණ දෙවියන්                    2. පත්තිනි දෙවියන්                    3. සුමන සමන් දෙවියන්          4. නාථ දෙවියන්

 

02. සමන් දේවාලයේ දිනපතා පවත්වනු ලබන චාරිත්‍රයකි,

1. අලුත් සහන් මංගල්‍යය      2. බොලපැන් තේවාව      3. කප් සිටුවීම              4. ඉල්මහ කාර්තික උත්සවය

 

03. දිග්ගෙයි නැටුම සඳහා සහභාගී වන කාන්තාවන් හඳුන්වන විශේෂ නාමය වන්නේ,

1. මාණික්‍ය මහගේලා              2. දේවදාසීන්                  3. ආලත්ති අම්මාවරුන්         4. නාග කන්‍යාවියන්


04. සමන් දේවාල පෙරහැරෙහි දැකිය හැකි විශේෂිතම අංගයක් වන්නේ,

1. බොරුකකුල්කාරයින්          2. හනුමන්තා නැටුම                 3. මහබඹා කෝළම                   4. සිංහ නැටුම

 

05. දිය කැපීමේ චාරිත්‍රය හඳුන්වන විශේෂ නාමය වන්නේ,

1. ගරා යකුම                                  2. නානුමුරය                                   3. වැවේ පෙරහැර                        4. ගඟේ පෙරහැර

 

නිවැරදි පිළිතුර තෝරා යා කරන්න.

 

06. සමන් දේවාලය පිහිටි දිස්ත්‍රික්කය                                                         ගරායකුම නැටීමෙනි

07. පෙරහැරේ පළමු චාරිත්‍රය                                                                       නානුමුර මංගල්‍ය නමිනි

08. පෙරහැර නිමා වන්නේ                                                                            රත්නපුරය                            

09. දේවාභරණ නානුමුර කිරීම හඳුන්වනු ලබන්නේ                                                     තුනකි


10. සමන්දේවාලයේ වාර්ෂිකව පවත්වන චාරිත්‍ර විධි ගණන                                  කප් සිටුවීම

 

කෙටි පිළිතුරු සපයන්න.

01. සමන් දේවාලය හා සබැඳි ඓතිහාසික පසුබිම කෙටියෙන් පැහැදිළි කරන්න.

02. පෙරහැරේ මූලික චාරිත්‍ර විධි 03 ක් නම් කරන්න.

03. සමන් දේවාලයේ වාර්ෂිකව පවත්වන චාරිත්‍ර විධි මොනවාදැයි ලියා දක්වන්න.

04. සමන් දේවාල පෙරහැරේ දැකිය හැකි නර්තන අංග 05 ක් ලියා දක්වන්න.

05. මහබඹා කෝළම පෙරහැරේ රැගෙන යාමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?


ක්‍රියාකාරකම

සමන් දේවාල පෙරහැරේ පින්තුර පොතේ අලවන්න.

 

සැකසුම - මේනකා බන්දුල




Post a Comment

Previous Post Next Post