විභාග අත්වැල -2 සා:පෙළ දරුවන්ට කෙටි ප්‍රශ්න 50 ක් (පිළිතුරු සමග)




51. ගොයම් කැපීමේ නර්තනය නිර්මාණය කරන ලද්දේ   ...................................... විසිනි.


52. පාසල් විෂයක් ලෙස නර්තනය ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ ............. වසරේදීය.


53. කථකලි නර්තනයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය .......................................... යි.


54. තාලම්පොටෙන් නිපදවන මූලික ශබ්ද දෙක ......................හා .................... නම් වේ.


55. ගැටබෙරයේ සම්මත දිග .................................................................................... වේ.


56. පහතරට වන්නම් රචනා වූයේ .......................................... යුගයේ දීය.


57. .................................................................................... යනු කොහොඹායක් කංකාරියේ නාට්‍යමය අවස්ථාවන්ය.


58. වෙස් ඇඳුම .......................................... ඇඳුමට සමාන යයි කියනු ලැබේ.


59. තත් ජිත් තොං නං ................................................................................. ලෙස හැඳින්වේ.


60. ලංකාව් ප්‍රධාන නාට්‍ය ශෛලීන් හතර ලෙස ................................. දැක්විය හැකිය.


61. ගැටබෙරයේ දකුණු ඇස ආවරණය කිරීමට .......................................... යොදා ගනියි.


62. ......................................................... යනු කථක් නර්තනයේ ගුරු කුල දෙකකි.


63. ලංකාවේ විචිත්‍රවත් රංග වස්ත්‍රාභරණ දැකිය හැකි නර්තන සම්ප්‍රදාය වන්නේ .......................................... යි


64. එන්. ඒ. සිරිබෝහාමි මහතා ............................................................................ නර්තන ශිල්පියෙකු වේ.


65........................................යනු නර්තන ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර හතරකි.


66. .......................................... මුවා වී සිට කෝලම් නාටක නඵවන් රඟමඩලට පැමිණේ.


67. ගැට බෙර ඇසෙහි විෂ්කම්භය .......................................... වේ.


68. .................................................................................... සැවුලා වන්නමේ බෙර පදය වේ.


69. භරත නාට්‍යම් ප්‍රචලිත ප්‍රදේශ ලෙස .......................................... දැක්විය හැකිවේ.


70. ........................................................... යනු භරත නර්තනාංගයන් ය.


71. .......................................... යනු කථකලි නර්තන අංගයකි.


72. .......................................... දෙවොල් හා පහන් මඩු දෙකටම පොදු නාට්‍යමය අවස්ථාවකි.


73. ...................................... යනු ගම්පොල යුගයේ දී මෙරටට පැමිණි දේශාටන වාර්තා කරුවෙකි.


74. ආහාර්ය අභිනයෙන් පොහොසත්ම දේශිය නර්තන සම්ප්‍රදාය වන්නේ .......................................... යි.

75. කූඹි කතාව මුද්‍රා නාට්‍යය ............................................. ගේ නිර්මාණයකි.


76. ගායන, වාදන හා බෙර පද නියමිත තාල රූප වලට අනුව විධිමත්ව සටහන් කිරීම.......................................... වේ.


77. සම් යොදා සකසන වාද්‍ය භාණ්ඩ ................................................................................. නම් වේ.


78. පංච තුර්ය වාද්‍ය භාණ්ඩ වර්ගීකරණය .............................................................. නම් වේ.


79. නිවරැදි වු උසස් රසවින්දනයක් ලබා ගැනීමට ................................ ඇසුරු කළ යුතුය.


80. නන්දිකේෂ්වර විසින් .......................................................................... රචනා කරන ලදි.


81. නිවරැදි හැඩ ඇතිව මණ්ඩියේ නර්තනයේ යෙදීම .......................................... නම් වේ.


82. ප්‍රථම කොහොඹා යක් කංකාරිය පැවැත් වූයේ ....................................... දීය.


83. පාසරඹ නර්තනයේ දී උපකාරකයක් ලෙස .......................................... අතීතයේ දී භාවිතා කරන ලදි.


84. අවකාශ භාවිතයේ දී ප්‍රධාන දිශා ................... ක් හා අනු දිශා ...................... ගැන සඳහන් වේ.


85. මහනුවර දළදා පෙරහැර අවසන් වන්නේ ............................ මහා මංගල්‍යයෙනි.


86. ආමද්, ටුකඩා, පරන් මේවා .......................................... නර්තන සම්ප්‍රදායට අයත් වේ.


87. විල්සන් ඔලබොඩුව මහතා .......................................... නර්තන ශිල්පියෙකි.


88. පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ඇඳුම් කට්ටලය ............................. යි.


89. ................................ නර්තනයට වඩා ගායනයට ප්‍රධාන තැනක් ලබා දෙන ශාන්තිකර්මයකි.


90. සොලසා සංඛය පළමුව ... මෙය .......................................... කවියකි.


91. ශිවරංග, නල දමයන්ති හා කරදිය.......................................... මහතාගේ නිර්මාණයි.


92. ලෝක නර්තන දිනය .......................................... වේ.


93. නර්තනයක ගායනය, නාට්‍යයක දෙබස් .......................................... අභිනයට අයත් වේ.


94. මනිපුරි නර්තනයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය .......................................... වේ.


95. පහතරට බෙරය සඳහා .................................... යන නම්ද භාවිතා කරයි.


96. සිංහල ගැමි නාටක වශයෙන් ............................................ හැඳින්විය හැකිය.


97. ආංගික අභිනයේ දී ශරිරය................................................... යනුවෙන් කොටස් තුනකට බෙදේ.


98. කේරළ කලා මණ්ඩලය ................... ඉගෙනීම සඳහා ................... විසින් ආරම්භ කරන ලදි.


99. නර්තනයේ දී භාවිතා වන ත්‍රිවිධ ලය .......................................... වේ.


100. සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය කියැවෙන වන්නම .................................... වේ.


නිවරැදි පිළිතුරු

51. ආචාර්ය එස්. පණිභාරත

52. 1972

53. චෙණ්ඩා

54. තිත් හා තෙයි

55. තුන්වියත් තුනගුලකි

56. දඹදෙණි හා කෝට්ටේ යුග අතර කාලයේ දී

57. යක්කම් පහ/ කතා පහ

58. මලය රජුගේ ඇදුමට

59. සතර බීජාක්ෂර

60. ශෛලිගත, ගීත, තාත්විත, මුද්‍රා

61. සුරත් තට්ටුව

62. ලක්නව්/ජායිපූර්

63. පහතරට

64. සබරගමු

65. වංශකතා/දේශාටන වාර්තා/සෙල්ලිපි/රූකම්

66. වෙස් අත්තට

67. විගුස්සකි

68. දොං දොං ජිං ජිං ගජිගත

69. දිල්ලි/ආන්ද්‍රා/තාංජෝරය

70. අලාරිප්පු,ජතීශ්වරම්, ශබ්දම්,වර්ණම්,පදම්

71. අරංගුකෙළි/තෝඩායම්/පුරප්පාද

72. දෙවොල් ගොඩබැසීම

73. ඉබන් බතූතා

74. පහතරට

75. අංජලිකා චිත්‍රෙස්න

76. ප්‍රස්ථාරකරණය

78. ආතත, විතත,විතතාතත,ඝණ,ශුසිර

79. ගුණාත්මක කලා කෘති

80. අභිනය දර්පණය

81. පද පහත්තිය

82. අනුරාධපුර මහමෙව්නා උයනේ දී

83. දණ්ඩියමේ කඳ 

84. ප්‍රධාන දිශා - 6 (ඉදිරිපස,පිටුපස,වම,දකුණ,උඩ,යට)

       අනු දිශා - 4 (ඉදිරිපස දකුණ කෝණය,පිටුපස දකුණු කෝණය,ඉදිරිපස වම                               කෝණය,පිටුපස වම කෝණය)

85. දිය කැපීමේ.

86. කථක්

87. පහතරට නර්තන සම්ප්‍රදායේ

88. තෙල්මේ

89. බලි

90. සිරසපාද

91. චිත්‍රෙස්න

92. අප්ප්‍රෙල් 29

93. වාචික

94. පුංග්

95. යක්බෙරය/දිග්බෙරය/ඝෝෂක බෙරය/ කිදුරු බෙරය

96. සොකරි,කෝලම්,නාඩගම්

97. අංග,ප්‍රත්‍යාංග,උපාංග

98. කථකලි/ මහා කවි වල්ලතෝල් නාරායන් මෙනන්

99. විලම්භ,මධ්‍ය,දෘත

100. තුරඟා 

සැකසුම - දිනේෂ් ජයසිංහ

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න

ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.


1 Comments

Post a Comment

Previous Post Next Post